සිද්ද පත්තිනි සලඹ විසි කොට සතුරු බළ අළු කරවලා
සද්ද කර මහපොළොව පෙරලා මහාකාලිත් කැඳවලා
යුද්ද කරනට වඩින සිහළුන් සියලු දෝසෙන් මුදවලා
බැද්ද දෙදරා වඳුරු දොස් හැම යවවු සතුරන් වෙත බලා
සිහළ විරුවන් යනෙන පෙරමුණ පැසුළු රැජිණිය මුර කරවු
චිත්රවරාජත් කාලවේලත් උන්ගේ දෙපසේ බර දරවු
කුවේණියගේ තෙදින් සිවුදෙස වඳුරු දිවි දොස් මුව අරවු
සිහළ සෙනඟට බණින උන්ගේ රුදුරු හිස් දෙපළුව හරවු
වසන රිටිගල මහසොහොන් යක් දෙවිඳු දිවැසින් අප බලවු
ගලන ගොළුගඟ නතර කරවා සද්ද කරනට කග සලවු
සැලෙන වීරිය සිහළ ගත තුළ කුමර කළු යක් දුර හළවු
වැටෙන හැම ලේ බිඳක් පාසා තොපට බිලි පුද ලෙස බලවු
වීර කම්බිලි රත්න කම්බිලි රුහිරු කම්බිලි ළඟ සිටිවු
නෑර විකුමන් සිහළ සෙන් මැද ධීර ගුණයෙන් රැක සිටිවු
ක්රෑවර කාලි වඳුරු කාලි සොහොන් කාලි මඟ සිටිවු
පීර පීරා සතුරු සේනා උන්ගේ බොටු මිරිකා සිටිවු
සුද්ද සූනියම් දෙවියන් කබැල්ලෑවේ වෙස් අරන්
යුද්ද කරනට වඩින් පෙරටම සිහළ දරුවන් මුර කරන්
කන්ද සාමිගේ සෙනෙවිරත් ධුර යකුනි කඩවර තෙද දරන්
මද්ද වනලා සතුරු කුදලා ගන්ට දෙනු මැන ගජ වරන්
පාවෙනා ලෙස සතුරු තෙද බල දැවෙන අළු මෙන් තුරු හිමේ
බෝවෙනා ලෙස වඳුරු දිවි දොස් උන්ට ගැති වුණ හැම ළැමේ
පූදනා ජය කැකුළු ගන්නට සදා සිංහල රණ බිමේ
රාවණා යක් නමට බාරයි සිහළ දරුවන් ලක් බිමේ

No comments:
Post a Comment